හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුට මාස 6ක සිර දඬුවම් – ප්‍රජා අයිතියත් අහෝසියි

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක මුදලක් ලබාදීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට කොළඹ මහාධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කළා.

අමතරව විත්තිකරුට රුපියල් පන්සීයක දඩයක් ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබෙන්නේ නම් අමතරව තවත් මාසයක සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වී ඇත්තේ.

එමෙන්ම වසර හතක කාලයක් විත්තිකරුගේ ප්‍රජා අයිතිය අහිමි කරන බවත් නඩු තීන්දුවේ සඳහන්.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ.

තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරු පැමිණිලිකාර මුසම්මිල් මන්ත්‍රීවරයාගේ අදහස් වෙනස් කිරීමෙන් අරමුණින් මුදල් ලබා දී ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි.

පැමිණිලිකාර මුසම්මිල් මන්ත්‍රීවරයාට විදේශගත වීම සඳහා විත්තිකරු විසින් එම මුදල ලබාදුන් බව ඔහුගේ විත්තිවාචකයේ සඳහන් කර තිබුණා.

එහෙත් එම කටයුත්ත සඳහා මුදල් ලබා දුන් බව ඔප්පු කිරීමට විත්තිය අසමත් වූ බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි කී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80(1)අ වගන්තියේ සඳහන් වරද විත්තිකරු විසින් සිදුකර ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42