නේපාලයේ ආපදා තත්ත්වය ගැන ඇමති විජිත, කනගාටුව ප්‍රකාශ කරයි

නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල වාර්තා වූ විනාශකාරී ගංවතුර තත්ත්වය පිළිබඳව දැඩිව කනගාටුවට පත්වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එම තත්ත්වය සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කර්ටමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.

මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් සහ ප්‍රජාවන් පිළිබඳව සංවේගය පළ කරන බවත්, සහන හා මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත නේපාල බලධාරීන්ගේ සහ සියලුම කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා සඳහන්කර තිබෙනවා.

මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය ජය ගැනීමට උත්සාහ කරන නේපාල රජය සහ ජනතාව සමඟ ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගයෙන් හා එකමුතුවෙන් සිටින බව ද අමාත්‍යවරයාගේ X සටහනේ සඳහන්.

Screenshot 2026 08 26 212021