හිටපු ජනාධිපතිවරුන්ට දී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට

වත්මන් රජය ගනු ලැබූ තීරණයකට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) සිට ඉවත් කිරීමට නියමිතයි.

ඒ, අනුව් අද දිනයේ සිට ව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂා සඳහා පොලිස් නිලධාරීන් පමණක් යෙදවීමටයි තීරණය කර ඇත්තේ.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු සභාවාරයේ දී මහජන ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ අද (23) දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම මාස 06කට වරක් සිදුකරන සමාලෝචනයකට අනුව ඔඑඋඞෙ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් සමඟ මෙම තීරණයට එළඹී බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23