හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙරට ඇතිව තිබෙන වත්මන් කලහාකාරි තත්වය සහ කලහාකාරි ලෙස හැසිරෙන පිරිස් වෙත විශේෂ සටහනක් මුහුණු පොතේ තබා තිබෙනවා

සටහන පහතින්,

1971/1983/1988,89 කාලයන් තුළ අමිහිරි සිදුවිම්‍ තුලින් රටේ අනාගතය වසර ගණනාවක් ආපස්සට ඇද දමන ලදී.
විවිධ අභියෝග වලින් ජයගත් අප නැවත වතාවක් බෙදී වෙන් වූ සමාජයක් කරා ගෙනයාමට උත්සහ දරන අතලොස්සක් වු පිරිසකගේ අතකොළුවක් බවට පත් නොවන්න. මිනිසුන් මිනිසුන් ලෙස දැකිමටත්,රටේ ප්‍රතිරුපය තමන්ගේ ප්‍රතිරුපය ලෙස දැකිමටත් සිතන්න. ආගන්තුක සත්කාරයෙන් පිරුනු මිනිසුන් වු අප ලෝකය හමුවේ ගෞරවය රැකගැනිමට වෙහෙසෙන්න.

සියලු දෙනාම හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙමින් මෙම දුෂ්කර අවස්ථාවේ ආවේග වලට මුල්තැන නොදී එකා මෙන්ම සහොදරත්වයෙන් සාමකාමීව සැමට ගරු කරන යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙමු.

8d89eb6a 18f3 4b05 b5c1 f50ec5a14e2f