spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපතිගේ නිල කාමරයෙන් හමුවූ මුදල් ගැන තීරණයක් ගනී

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනුයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) මේ බව දැනුම් දී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම තීරණය ගත් බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති මන්දිරයේ තිබී මෙම මුදල් සොයා ගනු ලැබූවේ පසුගිය වසරේ ජුලි මස 9 වනදායි.

ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ මෙම මුදල් පසුව පොලිසියට බාර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
9
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?