වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රථයක් තුළ සිදුකළ ඝාතනයේ සැකකරුවන් අල්ලයි

පසුගිය 23 වනදා කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 35 සහ 48 යන වයස්වල පසුවනවා.

මෙහිදී සැකකරුවෙක් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගෙන ඇති අතර, මොවුන් මෙම අපරාධය සිදුකිරීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ කළු පැහැති ත්‍රිරෝද රථයක් තුළ තිබී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගත් අතර, මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බවයි පසුව අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36