ක්ලබ් වසන්තගේ ඝාතනයට අවුරුදු 21ක තරුණියක් අල්ලයි

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් ඊයේ (20) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්වන මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ටැටූ දුලාන් නැමැත්තාගේ පවුලේ ඥාතියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට අදාළව 08 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06