හිටපු ජනපතිගේ නිල කාමරයෙන් හමුවූ මුදල් ගැන තීරණයක් ගනී

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනුයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) මේ බව දැනුම් දී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම තීරණය ගත් බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති මන්දිරයේ තිබී මෙම මුදල් සොයා ගනු ලැබූවේ පසුගිය වසරේ ජුලි මස 9 වනදායි.

ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ මෙම මුදල් පසුව පොලිසියට බාර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
9
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26