2024 ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබීමට ශ්‍රී ලංකා කණඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
ඒ, තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන කාන්තා කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය ජයගත්තේ කඩුලු 03කින්.
මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී 140ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
පාකිස්ථාන ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිලිහුණු පහසු උඩ පන්දු කිහිපයත් සමඟ පහසුවෙන්ම තම ලකුණු පුවරුව ලකුණු 140ක් දක්වා ඔසවා තබන්නට පාකිස්ථාන ක්‍රීඩිකාවන් අවස්ථාව සලසා ගත්තා.
එහිදී පාකිස්ථාන ඉනිම වෙනුවෙන් මුනීබා අලි ලකුණු ලකුණු 37ක් සහ ගුල් ෆෙරෝසා ලකුණු 25ක් රැස් කළා.
පන්දු යැවීමේ දී කවිෂා දිල්හාරි කඩුලු 02ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකා පළමු කඩුලු 02ක ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගියා.
ඒ හේතුවෙන් අනවශ්‍ය පීඩනයක් ශ්‍රී ලංකා ඉනිමට එල්ල වූ අතර, එම පීඩනය සිය අත්දැකීම් උපයෝගී කරගෙන මනාව කළමනාකරණය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා ජයග්‍රාහී මාවත සකසා දුන්නා.
එහිදී චමරි සිය 11 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකට රැස් කිරීමට සමත් වූ අතර, ලකුණු 63ක් ලබාගෙන සිටිය දී ඇය අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් අවාසනාවන්ත ලෙස දැවී ගියා.
චමරිගේ දැවීයාමෙන් පසු යළි තරගයට අවතීර්ණ වූ පාකිස්ථාන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට ටිකෙන් ටික පීඩනයක් එල්ල කිරීමට කටයුතු කළා.
කෙසේ වෙතත් එක් අන්තය කඩුල්ල රැකගනිමින් පිටියේ රැඳී සිටි අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අවසන් බලාපොරොත්තුව වුණා.
අවසානයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු ලකුණු 03ක පහසු ඉලක්කයක් හිමිව තිබූ අතර එම ඉලක්කය 20 වන පන්දුවාරයේ පස්වන පන්දුවේ දී සපුරාගත් අනුෂ්කා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රණය රැගෙන ආවා.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබීමට සමත් වුණා.














I take this opportunity Congratulate Sri Lanka Women Cricket Team. Even they lost this Semi Final match no one can blame them. They steady from the beginning of the game also through out the tournament. Specially I say Big Thank You to Chamari Attapattu who scored 63 runs after Sri Lanka lost 2 wickets for few runs. I hope and pray they will become Asia Cup Champions and advice our Sri Lanka Mens Team follow up Women Cricket Team how to handle a game. I wish Sri Lanka Women Cricket Team All the Very Best Best in their future Games.