හමුවුණු එක්දින තරග 67න් තරග 33ක ම ජය ශ්‍රී ලංකාවට – කොදෙව්වන්ට එක්දින තරගාවලි පරාජයකුත්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලියක් සිය මව්බිමේ දී 15 වැනි වරටත් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දී සමත් වුණා.

තරගය ඊයේ පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූයේ පැය දෙකක් පමණ ප්‍රමාදවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර දෙපිළටම ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව පන්දුවාර 44ක් පමණයි හිමිවූයේ.

කොදෙව්වන් තරගය ආරම්භ කළ ද ශ්‍රී ලංකා පන්දු බලඇණිය එල්ල කළ පීඩනය හමුවේ ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 05ක් ලකුණු 50කට අඩුවෙන් දැවී ගිය අතර ලකුණු 100ට ආසන්න වන විට බිඳ වැටී තිබූ කඩුලු සංඛ්‍යාව 08ක්.

කෙසේවෙතත් සිය කණ්ඩායමේ වගකීම කරට ගනිමින් ශර්ෆෙන් රදර්ෆර්ඩ් ලකුණු 80ක් රැස් කළ අතර ඔහුට අනගි සහායක් ගෙන දෙමින් ලකුණු 119ක සබඳතාවක් ගොඩනගන්නට ගුඩකේෂ් මොටී සමත් වුණා.

මොටී ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල අර්ධ ශතකය ලබාගත්තා.

මොටී නොදැවී ලකුණු 50යි.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 04ක් සහ කඩුලු 03 බැගින් මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු බිඳ දැමුවා.

ජයග්‍රහණයට පන්දුවාර 44කදී ලකුණු 190ක ඉලක්කයක් හඹා යාම ආරම්භ කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණියේ අවිශ්ක ප්‍රනාන්දු සමගින් නිශාන් මධුෂ්කයි.

දිගින් දිගටම අසාර්ථකත්වයේ ලකුණු පෙන්වමින් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 09කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 03කට දැවී ගියා.

තුන්වැනි කඩුල්ලට නිශාන් සහ සදීර සමරවික්‍රම අතරේ ලකුණු 62ක සබඳතාවක් ගොඩ නැගුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තාක් දුරකට ජයග්‍රහණයේ සලකුණු පෙන්වමින්.

සදීර හා නිශාන් ලකුණු 38 බැගින් ලබාගත්තා.

නිශාන් දැවී ගිය පසු සිව්වැනි කඩුල්ලට පිටියට ආ නායක අසලංක නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 62ක් ලබාගත්තේ ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 15 වැනි අර්ධ ශතකයට ද හිමිකම් කියමින්.

අසලංකගේ ලකුණු 62ට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

ජනිත් ලියනගේ ලකුණු 24ක් සහ තරගය අවසන් වන විට හයවැනි කඩුල්ලට පිටියෙහි සිටි කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05කින් ජය ගන්නා විට තවත් පන්දුවාර 05කුත් පන්දු 04කුත් ඉතිරිව තිබුණා.

තරගයේ වීරයා සම්මානය මහීෂ් තීක්ෂණ විසින් දිනාගනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ වේලාසනම තරගාවලි ජය වාර්තා කළේ තරග 2-0ක් ලෙස ඉදිරියෙන් සිටිමින්.

මේ වනවිට දෙපිළ අතර එක්දින තරග 67ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 33ක් ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර ඔවුන් සිය මව්බිමේ දී කොදෙව්වන් 15 වතාවක් පරාජයට පත් කර තිබෙනවා.

මේ අතර පසුගියදා නිමාවට පත් වූ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තරග 2-1ක් ලෙස ජය ගනිමින් ශූරතාව ද දිනාගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27