හමුදා කෝප්‍රල් අමානුෂික මරණයේ සියලු තොරතුරු වමාරයි

හිටපු හමුදා සෙබළෙකු ඝාතනය කර යතුරුපැදියක ගැට ගසා මීවන පලාන මාවක්ඔයට දැමීමේ සිද්ධීයට සම්බන්ධ හමුදා කෝප්‍රල්වරයෙකු සහ කරණවෑමියෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් කරණවෑමියා ද හමුදා මූලික පුහුණුව ලැබූ අයෙකු බව ද සඳහන්.

අත්අඩංගුවට ගත් කරණවෑමියා ද හමුදා මූලික පුහුණුව ලැබූවෙකු බව හෙළි වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අංගොඩ, කොහිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මූලික පුහුණුව ලබා, පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්ව සිටි සසංක සඳරුවන් (30) නැමති එක්දරු පියෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බවට ද තොරතුරු ලැබෙමින් පවතිනවා. අංගොඩ ලොක්කා මිය ගිය බව දැනගැනීමෙන් අනතුරුව සිදු වූ යම් සිද්ධියක් නිසා අනතුරුව ඝාතනයට ලක් වූ අය ප්‍රදේශය හැර රහසිගත ජීවිතයක් ගත කර ඇති බව සඳහන්.

ඝාතනයට ලක් වූ හිටපු සෙබළා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හමුදා කෝප්‍රල්වරයාට අයත් මීවනපලාන, දඹර, බට්ටාගල ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙනන සිටියදී පෞද්ගලික හේතුවක් මත ඇති වූ සිද්ධීයක් හේතුවෙන් ඔවුනොවුන් අතර මතභේදයක් තිබූ බවයි පොලිසිය පවසන්නේ.

පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයා සියලු සිද්ධීන්වලට මිතුරා සමාව ගෙන සුපුරුදු ලෙස කාලය ගත කර ඇති අතර, ඉකුත් වසරේ නොවැම්බර් මස 11 වෙනි දින ජයටම පැවැත්වූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ උපන්දින සාදයට ප්‍රධෘන සැකකරු හා ඔහුගේ බිරිඳ පවා සහභාගී වී තිබෙනවා.

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ඝාතනයට ලක් වූ අයගේ හැසිරීම සම්බන්ධෆයන් ඇති වූ සැකයත්, තමන්ට තනිව හමුවන ලෙස පැවසීම සම්බන්ධයෙන් ඇති වූ සැකයත් හේතුවෙන් ජීවිත තර්ජනය සම්බන්ධයෙන් කෙසේ හෝ මිතුරාව ඝාතනය කර තිබූ බව සඳහන්.

ඒ සඳහා ගනේමුල්ල නගරයේ කොණ්ඩා කපන ස්ථානයක් පවත්වාගෙන යන කලකල පෙර හමුදා පුහුණුව ලද මිතුරාගේ උදව් ලබා ගැනීමට සැකකරු විසින් කටයුතු කර ඝාතනයට ලක් වූ පුද්ගලයාද කැඳවා ඔහු එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව කඩුවෙල නගරයේ මත්පැන් හලකින් බියර් හතරක් මිලදී ගෙන පුහුවල, මාවක් ඔය ආසන්නයට ගොස් පානය කර තිබෙනවා.

දෙදෙනා විසින් බියර් පාවිච්චි කිරීමෙන් අනතුරුව දෙදෙනා අතර ආරවුල නැවත මතු වී ඇති අතර, එම අවස්ථාවේදී ඒ අසඝ තිබූ පොල්ලක් රැගෙන බිම වාඩිවී සිටි පුද්ගලයාගේ හිසට හා ශරීරයට පහර දෙමින් සිටියදී ඔහුගේ දෙපා මුල වැඳ වැටුණු ඝාතනයට ලක් වූ පුද්ගලයා, “අනේ සමාවෙයන් මචං..” යැයි පැවසුවත් පැය එකහමාරකට ආසන්න කාලයක් පුරා මැරෙනතුරු පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ ඔහුගේ සිරුරේ යට ඇඳුම පමණක් ඉතිරි කර අනික් සියලු ඇඳුම් ගලවා රැගෙන යන ලණුවලින් මළසිරුර යතුරුපැදියට තබා ගැට ගසා එය මාවක්ඔයට ඇද දමා තිබෙනවා.

එම සිද්ධියෙන් දින 11 කට පසුවයි මාළු ඇල්ලීමට ගිය දෙදෙනෙකුට එම සිරුර හමුව ඇත්තේ. දිගින් දිගටම කළ විමර්ශනවලින් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් මීවනපලාන හා ගණේමුල්ල පදිංචිකරුවන්.

බිමල් ශ්‍යාමන් ජයසිංහ
නයනදුල සෙන්දනායක
ලංකාදීප

මේ සම්බන්ද පෙර පුවත – මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26