හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි අනතුරකට ලක්ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 89 හැවිරිදි වියේ පසු වූ ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුට අයත් ගොඩනැඟිල්ලක තෙවැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතර තුර සෝපානය කඩා වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.
මෙම අනතුරින් ඔහුගේ රියදුරා ද බරපතළ තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
අදාළ ගොඩනැඟිල්ලේ තුනවන මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීමට පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ ඔහු මෙම අනතුරට මුහුණ පා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
64
+1
1
+1
23
+1
5
+1
14