මාතර පොලිස් වසමේ වල්ගම, කලුවරගස් මාවත ප්‍රදේශයේ දී නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 810ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් ලක්ෂ 05ක මුදලක් ඊයේ (21) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
මේ සමඟ යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බවට සැකකරන මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 03ක් ද මෙම
සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාස නිලධරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු අවුරුදු 28 හා සැකකාරිය අවුරුදු 34ක් වන යක්කලමුල්ල හා වංචාවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













