සොරාගත් බව කියූ වෝනර්ගේ ටෙස්ට් කැප් තොප්පිය හමුවෙයි

කිසියම් අයෙකු විසින් සොරාගත් බව කියූ ඕස්ට්‍ර්ලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් කැප් තොප්පිය හමු වී තිබෙනවා.

මේ වනවිට ඔස්ට්‍ර්ලියානු කණ්ඩායම නවාතැන් ගෙන සිටින සිඩ්නි හි හෝටලය තුළ දී ඩේවිඩ් වෝනර්ගේ එම කැප් තොප්පිය සන අනෙකුත් ආම්පන්න දමා තිබූ බෑගය හමු වී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එය එහි පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැහැ.

පකිස්ථාන සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගීවීම සඳහා මෙල්බර්න් සිට සිඩ්නි වෙත පැමිණෙන අතර තුර දී එය අස්ථාන ගත වී හෝ කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, පිළිබඳව දැනගත් වෝනර් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ තමාගේ ටෙස්ට් කැප් තොප්පිය ගත් කිසියම් අයෙකුවේ නම් එය දෙවන ටෙස්ට් තරගයට පෙර ලබාදෙන ලෙස කාරුණික වෙන ලෙසයි.

කෙසේ වෙතත් ඔහු ක්‍රීඩාකරන අවසන් ජාත්‍යනතර ටෙස්ට් තරගයට පෙර එය හමුනොවූ අතර, ඒ අනුව පෙරේදා ඔහු සිය පළමු ටෙස්ට් කැප් තොප්පිය නොමැතිව එම තරගයට පිවිසියා.

2011 වසරේ දී වෝනර් ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ ඔහුට මෙම බැගී ග්‍රීන් කැප් තොප්පිය හිමි වූ අතර, වෝනර් ජාත්‍යනතර ටෙස්ට් පිටියේ ක්‍රීඩාකරන අවසන් තරගය පෙර එය නැතිවීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සිය කණගාටුව පළකර සිටියා.

කෙසේ වෙතත් යළි සිය බැගී ග්‍රීන් කැප් තොප්පිය හමුවීම සම්බන්ධයෙන් වෝනර් සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එක්කරමින් ස්තූතිය පළකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55