සේවක අර්ථ සාධක අරමුදලේ පොලී කප්පාදුවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම වෙයි

අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම හදිසි නඩු කටයුත්තක් බැවින් එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙම කරුණට අදාළව අගෝස්තු මස 11 වනදා තීරණාත්මක තීන්දුවක් රජය විසින් ගැනීමට නියමිත හෙයින් ඊට පෙර දිනයක් ලබා දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වන දා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කලා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ සේවක සේවිකාවන් විසින් අයකර ගන්නා ලද රුපියල් ට්‍රිලියන 3.4 ක පමණ දායක මුදලක් සේවක අර්ථසාධක අරමුදල තුළ පවතින බවයි.

සේවක අර්ථසාධක අරමුදල පවතින මුදල් වලින් 90% ක් පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන මුදල් සඳහා මෙතෙක් හිමි වූ සියයට 12 ක පොලිය 9% දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

මේ තුළින් අදාළ අරමුදලට දායක වී සිටින සාමාජික සේවක සේවිකාවන්ට දැඩි අගතියක් සිදු වන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් රජයේ මෙම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34