සුසිල් ඉවත් කළාට ලන්සාට ඉල්ලා අස්වීමක් නැහැ : හිටපු ජනපති කියයි

රට මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙලකට යොමු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නොහැකි තැනකට වැටී ඇතැයි ඇතැමුන් සිතා සිටිය ද එවැනි තත්ත්වයකට පත්ව නොමැති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ කඩා වැටීමකට ලක්වුණේ 1977 මැතිවරණයේ දී බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

“අලුත් අවුරුද්ද ලබලා දවස් 4යි. මේ අවුරුද්දේ පළවෙනියෙන් නිකුත්වුණ ඡන්ද ප්‍රතිඵලය තමයි ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගියා හැම සුමානේම යන්නවා වගේ. ඒ වේලාවේ මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇසුවා කොහොමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්තයා උත්තරයක් දුන්නා, දීලා සුයිප් එකකුත් අරගෙන ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. පැය 24ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා.

මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක් සිදුවන සිදුවීමක් වළක්වාගැනීමට ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරිදේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක්වේදනා හඳුනාගත්තොත් ඔය පිපිරීම වළක්වා ගන්න පුළුවන්. පොහොර නැතුව ගොවියා විඳින දුක. මේ රටේ මෑත ඉතිහාසයේ දන්නා පරිදි ඉංග්‍රිසි පාලකයින්ගේ කාලේදීවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. ගොවියා සහ කෘෂිකර්මය තලලා පෙළලා, පාගලා, බෙල්ල මිරිකලා නැගිටින්නට බැරිවෙන්න ඉවරම කරලා තියෙන්නේ.

සුසිල්ව අස්කරා පොළේ ගිහින් කියපු කතාවට. ලාන්සා ඇමතිතුමා ගම්පහ ඔයිටත් දරුණු ප්‍රකාශයක් කරා. එයා හයේ පාරවල් දෙකක් ගැහුවා දවස් තුනකට ඉස්සෙල්ලා. හැබැයි ලාන්සාට නෑ ඉල්ලා අස්වීමක්. මම දන්නවා හේතුව ලාන්සාට අත තියන්නේ නෑ. ඒ මොකද ලාන්සා ඔක්කෝම දන්න මිනිහා. වෙන හේතුවක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වුණේ විශේෂයෙන්ම රට තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත්කෙරුවා. පොහොට්ටුවේ ජීරණයවෙලා ඉන්න සමහරු කියනවා 69 ලක්ෂය ඒ අයගේම තමා කියලා. නැහැ 69 ලක්ෂය ඒ අයගේම නෙමෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එතැන ප්‍රබලම පක්ෂය අපි. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි පක්ෂය අපි. සමහර අය හිතනවා අපේම අය මේ පක්ෂය දැන් හුඟාක් වැටිලා ගොඩගන්න බැරි තැනට විනාශවෙලා තියෙන්නේ කියලා. නෑ. අපි එහෙම වැටිලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ වැටීමකට ලක්වුණේ පක්ෂ ඉතිහාසයේ අවුරුදු 70ක 1977 දී බණ්ඩාරනායක මැතිවරණයේ දී අපි ආසන 8ට බැස්සා.” හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

  1. මූ ගං කබරයා සක්කිලි පාහර පාදඩ හිටං සොරිසෙනයා; හරිනම් මූ ඉන්න ඕනෙ හිරෙ අර අහිංසක ජීවිත පාස්කු ප්‍රාහාරයෙන් නැති කරපු රට අස්තාවර කරපු එකට ; මූ එදත් ආප්ප කාල පස්ස දොරින් ගිහින් බොරු කියල පක්ෂයත් පාව දීල එජාපයට මුක්කු ගහල ජනපති උනෙ . ලංකා ඉතිහාසයෙ සිටි නූගත් රටම කාපු වසල ජනපති මූ සොරිසෙන මයිත්‍රිපාල ගිරාම සූකර . බලයට ආවෙත් බොරු කියල ගියෙත් බොරු කියාල ; දෙනුත් කියන්නෙ බොරු . මූට බල්ලො දමල අහවල් එක කරවන්න ඕනෙ පාහර බල්ල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාන පූජෝත්සවය සිදුකළ අයුරු - රථ පෙළපාලියකින් දේහය ගෙන ආ හැටි
01:35
Video thumbnail
"ලබන අවුරුද්දෙත් මාව බලන්න එන්න.. ලබන අවුරුද්දෙත් සිංදුවක් කියයි"
01:41
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22