සුව සැරිය ගිලන් රථ සේවාව අද රෑ සිට නවතින ලකුණු

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්තොනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අද (03) රාත්‍රී 08.00 සිට සුව සැරිය ගිලන් රථ සේවාවේ සියලුම නිලධාරීන්, එම සේවයෙන් බැහැර වන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව අද (03) රාත්‍රි 08.00 සිට එම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර සුව සැරිය ගිලන් රථ සේවාවේ නිලධාරීන් පිරිසක් හෙට (04) දිනයේ දී කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ද සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
57
+1
67
+1
11
+1
282
+1
24
+1
46
Subscribe
Notify of
9 Comments
Oldest
Newest Most Voted