සුරාසැල් විවෘත කිරීම පිළිබඳ නවතම අදහස්

ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත් සුරාසැල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

“සුරාසැල් ඉදිරියේ සෙනඟ ගොඩක් එකතුවී මත්පැන් අරගෙනයෑමට පොරකන දර්ශන ගොඩක් අපිට දකින්නට ලැබුණා. ඉතින් මේක ධනාත්මක සාධකයක් ලෙස අපි කොහෙත්ම දකින්නේ නැහැ. අපි හිතනවා මේකෙන් වෙන හානිය වැඩියි. අපිට පාසල් ඉක්මනින් අරින්නට පුළුවන් වන හැකියාව තව දීර්ඝ වෙන්නට පුළුවන්, සංචාරක සේවාව පටන්ගැනීමේ හැකියාව තව ප්‍රමාද වෙන්නට පුළුවන් මේක ඉතාමත් සෘණාත්මක ආකාරයට තමයි මේ රෝගය පාලනය කිරීමට බලපාන්නේ. ඉතින් අපි හිනතවා රජය මේ ගැන සැලකිලිමත්ව කල්පනාකරලා බලයි කියලා. මේකෙන් මේ රෝගය පාලනයකරලා යළි රට කොළ පාට දක්වා යන ගමනට බාධවක් ඇති වෙයි කියලා අපිට බයක් තියෙනයවා. ඒක නිසා මේ රෝගය පාලනය කිරීම සහ ආර්ථිකය නගා සිටුවීම මේක නිසා ඇතිවන බලපෑම සෘණාත්මක ආකාරයට බලපානවා. ඒ නිසා මේ තත්ත්වයට එකඟවෙන්නට අමාරුයි.“ 

මේ අතර දෛනික රැකියාවන්හි නිරතව සිටි පිරිස ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක සුරාසැල් විවෘතකිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?