Empty Ad
Empty Ad
AFC Banner

සුප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගමකට අධිකරණයෙන් නියෝගයක්

මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකර නිවාස ඒකක ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් 498 දෙනකුගෙන් රුපියල් කෝටි විස්සකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ‘නිමාවීන් කන්ට්‍රික්ෂන් පුද්ගලික සමාගමේ’ කළමනාකාර අධ්‍යක්ෂවරයා හා වෙළඳ ප්‍රචාරක නිලධාරීවරයා දිගින් දිගටම බොරු පොරොන්දු ලබාදෙමින් අධිකරණය මෙන්ම අගතියට පත් පාර්ශවයන් ද රවටා ඇති බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ අංක 05 මහාධිකරණ විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියා.

ස්ථිර නිවසක් අහිමි පුද්ගලයින් රවටා ඔවුන්ගේ මුදල් ලබාගෙන එම විත්තිකරුවන් සුරසැප විඳින බවත් එලෙස වංචා කරන ලද මුදලින් සෑම නිවාස ගැනුම්කරුවකුටම ගෙවිය යුතු මුදලින් භාගයක් හෝ ගෙවන තුරු එම විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අද (05) නඩුව කැඳවු අවස්ථාවේ දී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම නඩුව කැඳවූ මුල් අවස්ථාවේදී ම කොටස් වශයෙන් යළි මුදල් ගෙවීමට විත්තිකරුවන් එකඟ වුවත් අධිකරණයේ හමුවේ දී ලබාදුන් එම පොරොන්දුව කඩකර ඇතැයි ද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම නඩුව කඩිනමින් විභාගය සඳහා ආරම්භ කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති වංචාවට හසු වූ පුද්ගලයන් සියලු දෙනාම අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා.

අනතුරුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මාර්තු මස 6 වෙන දින ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා එදින පැමිණිලි වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුට අවවාද කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?