ඉරානයට එල්ල කරන ප්‍රහාර මාලාව ඉදිරියේදී ප්‍රබලවේවි – ට්‍රම්ප් අනතුරු අඟවයි

මේ වනවිට ඉරානයට එරෙහිව දියත් කර ඇති ප්‍රහාර මාලාව ඉදිරියේදී වඩා ප්‍රබල මුහුණුවරක් ගනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සඳුදා ධවල මන්දිරයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම ප්‍රහාරය සඳහා මීට පෙර ඇස්තමේන්තු කර තිබූ සති 4 ත් 5 ත් අතර කාලසීමාව ඊට වඩා වැඩිවනු ඇති බවද ජනපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මෙහිදී ජනපති ට්‍රම්ප් තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මෙම ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා මූලික ඉලක්ක ත්‍රිත්වයක් හේතු වූ බවයි.

එහි පළමු ඉලක්කය ලෙස ජනපති ට්‍රම්ප් පවසන්නේ ඉරානයේ මිසයිල පද්ධති සහ ඒ ආශ්‍රිත හැකියාවන් මුළුමනින්ම විනාශ කර දැමීමයි.

දෙවන ඉලක්කය ලෙස ජනපති ට්‍රම්ප් පෙන්වාදෙන්නේ ඉරාන නාවික හමුදාව අකර්මන්‍ය කිරීමයි.

එසේම තෙවන ඉලක්කය ලෙස ජනපති ට්‍රම්ප් පෙන්වාදෙන්නේ ලොව ප්‍රධානතම ත්‍රස්තවාදී අනුග්‍රාහකයා ලෙස තමන් හඳුන්වන ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉඩ නොතැබීමයි.

මෙම අශිෂ්ට පාලනයෙන් එල්ල වන දරාගත නොහැකි තර්ජන තුරන් කිරීමට අපට ලැබුණු අවසන් සහ හොඳම අවස්ථාව මෙය බවද අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර එහිදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඇමරිකාවට මීට වඩා බොහෝ දුරයාමට හැකියාව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32