සුප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගමකට අධිකරණයෙන් නියෝගයක්

මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකර නිවාස ඒකක ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් 498 දෙනකුගෙන් රුපියල් කෝටි විස්සකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ‘නිමාවීන් කන්ට්‍රික්ෂන් පුද්ගලික සමාගමේ’ කළමනාකාර අධ්‍යක්ෂවරයා හා වෙළඳ ප්‍රචාරක නිලධාරීවරයා දිගින් දිගටම බොරු පොරොන්දු ලබාදෙමින් අධිකරණය මෙන්ම අගතියට පත් පාර්ශවයන් ද රවටා ඇති බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ අංක 05 මහාධිකරණ විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියා.

ස්ථිර නිවසක් අහිමි පුද්ගලයින් රවටා ඔවුන්ගේ මුදල් ලබාගෙන එම විත්තිකරුවන් සුරසැප විඳින බවත් එලෙස වංචා කරන ලද මුදලින් සෑම නිවාස ගැනුම්කරුවකුටම ගෙවිය යුතු මුදලින් භාගයක් හෝ ගෙවන තුරු එම විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අද (05) නඩුව කැඳවු අවස්ථාවේ දී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම නඩුව කැඳවූ මුල් අවස්ථාවේදී ම කොටස් වශයෙන් යළි මුදල් ගෙවීමට විත්තිකරුවන් එකඟ වුවත් අධිකරණයේ හමුවේ දී ලබාදුන් එම පොරොන්දුව කඩකර ඇතැයි ද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම නඩුව කඩිනමින් විභාගය සඳහා ආරම්භ කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති වංචාවට හසු වූ පුද්ගලයන් සියලු දෙනාම අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා.

අනතුරුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මාර්තු මස 6 වෙන දින ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා එදින පැමිණිලි වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුට අවවාද කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57