සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

පවතින යුද තත්ත්වය හේතුවෙන් සුඩානයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ඊයේ (29) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් එම පිරිස පිළිගනු ලැබු බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සුඩාන ජනරජයේ තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ද සඳහන්.

එමෙන්ම තවදුරටත් සුඩානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

විදේශ අමාත්‍යංශය සඳහන් කළේ රියාද් සහ කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සෞදි අරාබියේ රාජකීය රජයේ සහ ඉන්දීය රජයේ බලධාරීන් සමඟ එක්ව කාර්ටූම් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මෙම ක්‍රියාවලිය සඳහා සහාය ලබා දෙනු ලබනවා.

සුඩාන ජනරජයේ තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන අතර, සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඉල්ලීමක් කළහොත් සහය වීමට සූදානමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21