Update – දිවයිනට රැගෙන ආ ‘බස් ලලිත්’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

ඩුබායිහි දී අත්අඩංගුවටගෙන මෙරට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගොස් තිබෙනවා.

මොහු අද (25) අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL 226 දරණ ගුවන් යානයෙන් දිවයිනට රැගෙනවිත් තිබුණේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

දිවයිනට රැගෙන ආ බස් ලලිත්ගේ කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරව මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමට පියවර ගත්තා.

කළුතර දකුණ , දූව පංසල පාරේ පදිංචි 36 හැවිරිදි බස් ලලිත්ට හංවැල්ල, අවිස්සාවේල්ල, කටුකුරුන්ද, පාදුක්ක, මීගොඩ සහ කල්තොට යන පොලිස් වසම් තුළ මනුෂ්‍ය ඝාතන සිදුකිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ C4 වර්ගයේ අතිප්‍රබල පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තකයෙහි තබා ගෙන සිටීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.