සීනි ඇතුළු නිෂ්පාදන ගැන ෆිජී රාජ්‍යය සමඟ විශේෂ සාකච්ඡාවක්

ෆිජී රාජ්‍යය සමඟ සීනි සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා.

පරිසර අමාත්‍ය දම්මික පටබැඳි සහ ෆීජි රාජ්‍යයේ කෘෂිකර්ම, ජල මාර්ග සහ සීනි කර්මාන්ත අමාත්‍ය ටොමාසි ටුනාබුනා (Tomasi Tunabuna) සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දෙරටට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

UNCCD COP17 සමුළුවේ “භූමිය හා ජනතාවගේ දිනය” (Land & People Day) සමගාමි මෙම විශේෂ හමුව පැවැත්වුණා.

ෆිජී රාජ්‍යයේ කෘෂිකර්මාන්තය කොකෝවා, පොල්, තේ සහ උක් වැනි ප්‍රධාන බෝග වගාවන් මත පදනම් වුව ද, මෙම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් සිදු නොවීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් සහ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ සීමාවන් පවතින බව ද ෆීජි රාජ්‍යයේ කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ කොකෝවා, පොල් සහ තේ ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම තුළින් ලබාගෙන ඇති අත්දැකීම් සහ එමඟින් උත්පාදනය කර ඇති නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට ෆිජී රාජ්‍ය නියෝජිතයින්ගේ සිය කැමැත්ත පළ කර තිබෙනවා.

තවද, ෆිජී රාජ්‍යය සඳහා සීනි සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගැනුම්කරුවන් සොයා ගැනීමේ කටයුතු සිදුකරන බැවින්, ශ්‍රී ලංකාවට ද එම අවස්ථාවන් සඳහා ප්‍රවේශ වීමට සහ සහයෝගීතාවක් ඇති කර ගැනීමට අවස්ථාව ලබාදීමට තමන් කැමැත්තෙන් පසුවන බව ෆිජී කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, ෆිජී රාජ්‍යය සමඟ සීනි සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමටත් එකඟතාව පළ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අදාළ නව දැනුම, තාක්ෂණය සහ අත්දැකීම් ෆිජී රාජ්‍යය සමඟ හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා හා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා කැමැත්ත පළ කර තිබුණා.

එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශවකරුවන්ගේ මහා සම්මේලනය (COP17) “Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ 2026 අගෝස්තු 17 සිට 28 දක්වා මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී පැවැත්වෙනවා.

කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය යන අන්තර් සම්බන්ධිත ගෝලීය අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54