කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් ඊයේ (12) රාත්‍රියේ ලක්වීමට ගිය දරුණු අනතුරක්, එහි රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.
බිබිල ඩිපෝවට අයත් මෙම බස් රථය බිබිල දෙසට ධාවනය වෙමින් තිබිය දී බිබිල, හෙවෙල්වෙල ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය එකවරම ගැල වී ගොස් තිබෙනවා.
එහිදී පාලනයෙන් ගිලිහුනු ත්‍රීරෝද රථය බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථ රියදුරුවරයා ක්ෂණිකව බස් රථය මාර්ගයේ දකුණු පසට කපා ආරක්ෂිතව කානුවක් දෙසට යොමු කරමින් නවත්වා ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
බස් රියදුරුගේ මෙම ක්ෂණික තීරණය හේතුවෙන් බස් රථයේ ගමන් කළ මගීන් රැසකගේ මෙන්ම ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිසගේ ද ජීවිත කිසිදු හානියකින් තොරව බේරී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් බස් රථයට සුළු හානි සිදුවී ඇති අතර, අනතුර වළක්වා ගනිමින් සිදුවීමට ගිය විශාල විපතක් වැළැක්වීමට කටයුතු කළ බසයේ රියදුරුට ප්‍රදේශවාසීන් සහ බස් රථයේ ගමන් කළ මගීන් සිය කෘතඥතාවය පුදකර සිටියා.













