වෙළගෙදර පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා,
ඊයේ (06) උදෑසන මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 48ක කාන්තාවක්.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, එහිදී තුවාල ලැබූ කාන්තාව මාවතගම රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 50ක් වන සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙළගෙදර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













