සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන සහනාධාරය ලබා නොදෙන බවට කිසිම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම්දීමක් සිදුකර නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
අද (22) පාර්ලිමේන්තුවේ දී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බව වගකීමෙන් පවසන බව කී අමාත්‍යවරයා එවැනි දැනුම්දීමක් රජය විසින් සිදුකර ඇත්නම් එය ඔප්පුකර පෙන්වන ලෙසත් අමාත්‍යවරයා, එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයාට මෙහිදී අභියෝග කර සිටියා.













