සාම සාධක හමුදා වහාම ඉවත් කර ගන්නැයි මාලි රාජ්‍ය කියයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව තම රට තුලින් වහාම ඉවත් කර ගන්නා ලෙස මාලි රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඔහු චෝදනා කළේ සාම සාධක හමුදා ජාතීන් අතර වාර්ගික ගැටළු අවුලුවාලීමේ කොටසක් බවට පත් වී ඇති බවටයි.

මාලි හි එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම නොහොත් සාම සාධක හමුදාවේ භටයින් 13,000කට වඩා සිටිනවා.

2013 වසරේ අප්‍රේල් මස 25 වනදා ආරම්භ කෙරුණු මෙම ක්‍රියාන්විතය නිල වශයෙන් ක්‍රියාවට නංවනු ලැබුවේ එම වසරේ ජුලි මස පළමුවනදා සිටයි.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාදක මෙහෙයුමට පසුවන දෙවන භයානකම සාම සාධක මෙහෙයුම ලෙසටයි මෙය සැලකෙන්නේ.

පසුගිය මැයි මාසය වන විට සාම සාදක මෙහෙයුම්වලට මෙතෙක් එක්ව සිටි 15,200ක පමණ හමුදාවකින් භටයන් 304 දෙනෙකුට පමණ ජීවිත අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුලු රටවල් 65කින් පමණ හමුදා සාමාජිකයන් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා.

කෙසේවෙතත් දශකයක් පමණ පැරණි මෙහෙයුම මගින් ජිහාඩ් සංවිධානයේ ප්‍රචණ්ඩත්වය පැතිරීම නැවැත්වීමට අපොහොසත් වී ඇති බවයි චෝදනා එල්ල වන්නේ.

මේ වන විට රුසියානු වැග්නර් කුලී හමුදා (Wagner Group) මාලි රාජ්‍යයේ හමුදා පාලකයින්ට සහාය වෙමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

බටහිර රාජ්‍ය නිලධාරීන් යුක්රේනයේ සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැග්නර් හමුදාවන්ට චෝදනා කර ඇති අතර, පසුගිය මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් මාලිහි වැග්නර්ගේ ඉහළම නිලධාරියා වූ අයිවන් මැස්ලොව්ට සම්බාධක ද පනවනු ලැබුවා.

බටහිර චෝදනා සම්බන්ධයෙන් වැග්නර් අදහස් දක්වා නොමැති අතර මාලි සහ අප්‍රිකාවේ අනෙකුත් ප්‍රදේශවල එහි ක්‍රියාකාරකම් රහසිගතව පවතින බවයි වාර්තා වන්නේ.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ මෙහෙයුම් කාලය ලබන 29 වනදායින් අවසන් වීමට නියමිතයි.

එහෙත් ජගත් සංවිධාන ප්‍රධානී Antonio Guterres නිර්දේශ කර ඇත්තේ කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මෙහෙයුම නැවත සකස් කළ යුතු බවයි.

මේ අතර ආරක්ෂක කවුන්සිලය ගන්නා ඕනෑම තීරණයකට එකඟ වන බව මාලි හි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත එල්-ගසීම් වේන් ඩියෝප් මහතා මාලි විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් සත්කාරක රටේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වීම අතිශයින් අභියෝගාත්මක වීම හෝ කළ නොහැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ මාර්තු මාසයේදී මධ්‍යම මාලි හි මවුරා ගම්මානයේ මෙහෙයුමකදී 500 කට වැඩි පිරිසක් මරා දැමූ බවට මාලි සන්නද්ධ හමුදාවන්ට සහ විදේශීය ආරක්ෂක නිලධාරීන්ට චෝදනා එල්ල වුණා.

ඒ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ වාර්තාවක් මගින්. කෙසේවෙතත් මාලි සහ රුසියානු ආන්ඩු දෙකම එම වාර්තාව හෙළා දැක තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03