spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාපරාධී රාජකාරිය පැහැර හැරීම යටතේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවත් අත්අඩංගුවට ගත යුතුයි

ජන බලය පෙන්වීමට අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිස විසිර යද්දී ඔවුන්ට ගෝඨාගෝ ගමට ගොස් කලහකාරීව හැසිරීමට ඉඩ ලබා නොදුන්නේනම් මෙවන් සිදුවීමක් සිදුවන්නේ නැති බවයි බොහෝ දෙනා අදහස් පල කරන්නේ.
පොලිසිය විසින් කිසිදු නවතාලීමක් සිදුනොකර පොලු රැගෙන පැමිණි මැර පිරිසට හිතූ ආකාරයෙන් සාමකාමී අරගලකරුවන්ට පහරදීමට ඉඩ ලබාදීම හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වීම සිදුවිය. එය වීඩියෝ දර්ශනවලින් මනාවට පැහැදිලිව දැකගැනීමට හැකියාව ලැබේ.

රට පුරා යුද පිටියක් වුණු මෙය පොලිසියේ වගකීම් විරහිත ක්‍රියාව නිසා සිදුවූ බවයි බොහෝ දෙනෙකු අදහස් පල කරන්නේ.බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පියවර වලක්වාගැනීමට තම නිලධාරීන් මෙහෙයවීම සිදුනොවූ හේතුවෙන් සාපරාධී රාජකාරිය පැහැර හැරීම යටතේ අත්අඩංගුවට ගතයුතු බවද නීතීඥවරුන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?