සාදයක දී මෙලොව හැරගිය පුද්ගලික සරසවි සිසුවාට දිවි අහිමි වී ඇත්තේ හෘදයාබාධයක්

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් පැවැත්වූ සාදයක් අතරතුර මියගිය, එම සරසවියේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

එම පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රීයේ හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී මෙම සාදය පවත්වා තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සහ එම පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රීයේ හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී මෙම සාදය පවත්වා තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 5 දෙනෙක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
12
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !