සාගතයක් හා ඉන්ධන හා විදුලි කප්පාදුවක් – පාඨලි ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ සාගතයක් නිර්මාණය වන බවත් ආණ්ඩුවට ඩොලර් සපයා ගැනීමට නොහැකි වුවහොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක්  සිදුවීමට ඉඩ ඇති බවත් හිටපු අමාත්‍ය  හා  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ගාල්ලේ පැවති වැඩමුළුවකින් පසු මාධ්‍යවෙදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“චීනයෙන් ගෙන්වනු ලැබු පොහොර නෞකාව පිටුපස ඉන්නේ මේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක්. කාබනික පොහොර කියා චිනයෙන් ගෙන්වනු ලැබු පොහොර නැව  රටට ඉතාම අහිතකර බවට මේ රටේ පර්යේෂණාගාරවලින් ඔප්පුවි තිබියදි නැවතත් ඒ පොහොර නැව බලහත්කාරයෙන් අපිට ගොඩබාන්න තමයි එන්නේ.

මේ ජාවාරම්කාරයින්ගේ මේ සෙල්ලම සුදුළුණු බිකේ සිට සිනි ඇටය  එනනත්කරණය දක්වා ජවාරම්කාර ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වන්නේ. කසලවලින්  මළපහවලින් හදපු  පොහොරවලටත්  මෙක තමයි කරන්න හදන්නේ. මෙයට එරෙහිව මුළු රටම නැගි සිටිය යුතුයි.

මේ නෞකාව ගෙන්වපු කොන්ත්‍රාත්කරුවන්ට හා ටෙන්ඩර්කරුවන්ට දඩුවම් කළ යුතුයි. දැන් මේ නාඩගම ඇති. වසංගතය ජාවාරමක් කරගත්තා මෙරටට ආහාර, ඖෂධ ගෙන්විම ජාවාරමක් කරගත්තා. අපේ  රටේ භෝග පස විනාශ කරන පොහොර ගෙන්විමට එරෙහිව මේ රටේ ජනතාව නැගි සිටිය යුතුයි. ඊනියා කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා  කෘෂිකර්මාන්තය බිද වැටලා. වැරදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය මේ සදහා බලපා තියෙනවා.”  යැයිද  මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40