22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත් ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග කිරීම සිදුවෙනවා.

මේ වන විට අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම් සිදුකරනු ලබනවා.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර එම දේශන අවසානයේදී නීතිපතිවරයා විසින් මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභවය පිළිබඳව සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ (01) පෙරවරුවේ ඇරඹී මෙම පෙත්සම් විභාගය රාත්‍රී 10.30 දක්වා පැය 12 කට ආසන්න කාලයක් පැවැත්වුණා.

ඊයේ දින අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාව තුළ ” අධිකරණ ස්වාධීනත්වය” අන්තර්ගතව තිබෙනවා. යෝජිත සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවට බලපෑම් සිදුවෙනවා. මේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයටත් අහිතකර බලපෑමක් එල්ල වෙනවා. යෝජිත පනත් කෙටුම්පත තුළින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා. එය ක්‍රියාත්මක කරනවානම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. මොකද? පාර්ලිමේන්තුවට පමණක් මේ කටයුත්ත සිදු කිරීමට අවසර ලබා දුන්නොත් ඉදිරියේදී බලයට පත්වෙන තවත් ආණ්ඩුවක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මේ ආකාරයෙන්ම දීර්ඝ කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම විනිසුරුවරුන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයත් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ඔවුන් උත්සාහ කරන්න පුළුවන්. මේක ජනතා පරමාධිපත්‍යයට වගේම ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල අනතුරක්. මෙවැනි බරපතළ සංශෝධනයක් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවට පමණක් සම්මත කිරීමට අවසර දීම සුදුසු නෑ” යනුවෙන් සඳහන් කළා.

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්” අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව තුළින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව දක්වා තිබෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනොත් අධිකරණ ස්වාධීනත්වය අඩාල වෙනවා. අධිකරණ ස්වාධීනත්වය අඩාල වුවහොත් ඒ හරහා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට දැක්වෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයත් දුර්වල වෙනවා. ඒ හරහා සෘජුවම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීම් සිදුවනවා. එම නිසා මෙම සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය නම් එය අනිවාර්යන්ම ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි” යනුවෙන් සරත් වීරසේකර මහතා සඳහන් කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24