හම්බන්තොට කොළඹ සිට ගාල්ල, මාතර සහ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට (30) පස්වරු 04.00 තෙක් වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙනවා.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ප්රජාවත්, එම වෙරළ ආශ්රිත ප්‍රදේශ වල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.













