නැගෙනහිර බහලුම් පර්යන්තයේ වැඩ තවත් වසර එකහමාරකින්වත් අවසන් කරන්න බැහැ – සජිත්

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ, දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල අක්‍රමිකතා රැසක් පවතින බව, එහි සේවය කරන ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (01) පැවැත්වුණු, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ව්‍යාපෘති සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් එහි ඉංජිනේරුවරුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළා.

නැගෙනහිර බහාලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ වැඩකටයුතු 2020- 2022 වර්ෂවල ජනවාරි මාසයේ ආරම්භ කර, එය 2025 වසරේ ජනවාරි 03 අවසන් වීමට නියමිතව තිබුණ ද අද සිට තවත් වසර එකහමාරක් ගියත් එහි වැඩ අවසන් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මෙම ව්‍යාපෘතියේ විනිවිදභාවය පිළිබඳ බරපතළ ගැටලු රැසක් උද්ගත වී ඇති බවත්, එය කෙතරම් සුවිශාල ව්‍යාපෘතියක් වුවද ඒ සඳහා ස්ථිර අධ්‍යක්ෂවරයෙකු මේ වනතෙක් පත්කර නොමැති බවත් ඔහු පවසනවා.

එමෙන්ම මෙම කොළඹ වරාය – නැගෙනහිර පර්යන්තයේ ව්‍යාපෘති සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු කෙරෙහි වරාය අමාත්‍යවරයා සිය අවධානය යොමු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, “මේ සිදුවීම ගැන අනාවරණය වන තොරතුරුවලට අනුව දැනට මෙම වැඩකටයුතු ක්‍රියාත්මක වන ආකාරය ගැන බරපතළ ප්‍රශ්න හා ගැටලු තිබෙනවා. ව්‍යාපෘති කළමනාකරණ ඒකකයත්, උපදේශක කණ්ඩායමත් ආකාර 2ක කටයුතු කරන්න ඕන. නමුත් මේ ඉංජිනේරුවන් මේ කොට්ඨාස 2ටම සේවය කරන පුද්ගලයන් බවට පත්වීම නිසා අපක්ෂපාතීත්වය සම්බන්ධ ගැටලු නිර්මාණය වී තිබෙනවා. සිදුවන සංවර්ධන ක්‍රියාදාම ස්වාධීනව ප්‍රත්‍යක්ෂවීමක් සිදුවිය යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවන අතර, ලබැදියාවේ ගැටුමක් තුළ මේ ක්‍රියාව සිදුවන බවත් මේ නිසා ව්‍යාපෘතියේ විනිවිදභාවය ගැන බරපතළ ගැටලු රැසක් ඇති නිසා වරාය ඇමතිවරයා මේ ගැන සොයා බැලිය යුතුයි. 2025 ජනවාරි 3 වැනිදාට අවසන් වීමට යෙදුනු මේ ව්‍යාපෘතිය දීර්ඝ කාලයක් සිදුකර ගෙන යාමට සිදුව ඇති අතර දැනට 3 වතාවක් දීර්ඝ කර තිබෙනවා. මේ එකදු දීර්ඝ කිරීමකටවත් කැබිනට් අනුමැතියක්වත් ලබා ගෙන නැහැ. මේ වනවිට කාලය දීර්ඝ කිරීමේ 3 වැනි අදියර 2026 ජුලි 7 අවසන් වනවා. 4 වැනි අදියරට පවා වරාය අධිකාරියේ අනුමැතිය නොමැතිව සිදුවන්නේ. ගෙවීම් කටයුතු අනුමැතියෙන් තොරව සිදුවීම ගැන ගැටලුවක් පවතිනවා.එමෙන්ම මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මානව සම්පත බඳවා ගත්තේ තරගකාරී ක්‍රමවේදය මත, ඒ සඳහා කළමනාකරණ සේවා චක්‍රලේඛ 2019 උපයෝගී කර ගෙන ඇති අතර මොවුන්ගේ වැටුපේ කිසිදු යාවත්කාලීන කිරීමක් සිදුකර නැහැ.” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21