සරණ ගුණවර්ධනට අල්ලස් නඩුවක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 11 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසයි.

නඩුවේ 13 වන සාක්ෂිකරු ගෙන් නඩු විභාගය ආරම්භ කරන බවත් රජයේ නිතිඥ වරිය දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ සාක්ෂිකරුට සිතාසි නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අගෝස්තු මස 11 වනදා කැඳවීමට ද නියම කලා.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් වාහන තුනක් අවභාවිතා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොණුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42