ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 11 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසයි.
නඩුවේ 13 වන සාක්ෂිකරු ගෙන් නඩු විභාගය ආරම්භ කරන බවත් රජයේ නිතිඥ වරිය දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ සාක්ෂිකරුට සිතාසි නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අගෝස්තු මස 11 වනදා කැඳවීමට ද නියම කලා.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් වාහන තුනක් අවභාවිතා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොණුකර තිබෙනවා.














HONDAAATAMA EKA DEYAK KALA, APARADHEKIYANNA BAHE, AHU UNA HEMA THANINMA HORAKAM KALA, PAGA GAHUWA KELAWARAK NATHIWA, THAMATH IWARA NAHE, THAMA PATAN GATHTHA WITHARAYI