සුළු වර්ෂාපතනයකදී පවා කොළඹ ප්රදේශ කිහිපයක් ජලයෙන් යටවීමට හේතුවන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාව ප්රකාශ කරනවා.
එහි පළමු අදියර වශයෙන් මට්ටක්කුලිය ශ්රී වික්රම පාරේ සහ බිමේල්වත්ත පාරේ හඳුනාගත් අනවසර ඉදිකිරීම් මේ වනවිට ඉවත් කර ඇති බවට වාර්තාවෙනවා.
කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ සහයෝගයෙන් එම කටයුතු සිදුකර තිබෙනවා.
එමෙන්ම, අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඇති අනෙකුත් ස්ථාන සඳහා දැනුම්දීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද එම අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
