සරණ ගුණවර්ධනගේ ලොතරැයි මණ්ඩලයේ නඩුවේ විත්ති වාචකය කැඳවීමට තීරණය කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහනයක් අවභාවිතා කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්ති වාචකය කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, 2007 වසරේ අගෝස්තු මස 01 වැනිදා සහ 2008 වසරේ අගෝස්තු මස 01 වැනිදා අතර කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි වාහනයක් කුලී පදනම මත ලබාගෙන අවභාවිතා කිරීම තුළින් රජයට රුපියල් 960,000ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බවයි.

මෙම නඩුවේ චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරනවාද? එසේත් නැතිනම් විත්තිකරුට එරෙහිව විත්තිවාචකය කැඳවනවා ද? යන තීරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුගෙන් විත්තිවාචකය කැඳවීමට අධිකරණය තීරණය කරන බවයි.

ඒ අනුව නඩුව යළි ජූලි 21 වැනිදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්ති වාචකය ඉදිරිපත් කරන ලෙස විත්තිකරුට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?