සරණ ගුණවර්ධනගේ ලොතරැයි මණ්ඩලයේ නඩුවේ විත්ති වාචකය කැඳවීමට තීරණය කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහනයක් අවභාවිතා කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්ති වාචකය කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, 2007 වසරේ අගෝස්තු මස 01 වැනිදා සහ 2008 වසරේ අගෝස්තු මස 01 වැනිදා අතර කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි වාහනයක් කුලී පදනම මත ලබාගෙන අවභාවිතා කිරීම තුළින් රජයට රුපියල් 960,000ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බවයි.

මෙම නඩුවේ චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරනවාද? එසේත් නැතිනම් විත්තිකරුට එරෙහිව විත්තිවාචකය කැඳවනවා ද? යන තීරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුගෙන් විත්තිවාචකය කැඳවීමට අධිකරණය තීරණය කරන බවයි.

ඒ අනුව නඩුව යළි ජූලි 21 වැනිදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්ති වාචකය ඉදිරිපත් කරන ලෙස විත්තිකරුට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54