සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (09) සිය සහතිකය සටහන් කළා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 2026.04.07 දින පැවති අතර, පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මත වුණා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කරමින් බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ව්‍යාපාර පිරිවැටුම් සීමාව අඩු කිරීම සහ මෝටර් වාහන සම්බන්ධයෙන් අදාළ ඇතැම් නිදහස් කිරීම් සංශෝධනය කිරීමේ අපේක්ෂා කර තිබෙනවා.

මෙම පනත මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ බදු පදනම පුළුල් කරමින්, වාර්ෂිකව පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කෙරෙනවා.

එමෙන්ම සංශෝධිත සීමාවට අනුකූලව නව ලියාපදිංචි අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබඳ විධිවිධාන ද හඳුන්වා දෙන අතර මෝටර් වාහන සම්බන්ධ නිදහස් කිරීම් සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක10 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03