සනතුත් ඔස්ට්‍රේලියාවට යයි

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට බිහිවූ විශිෂ්ටතම ප්‍රහාරාත්මක පිතිකරුවා ලෙස සැලකෙන හිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ (Mulgrave Cricket Club) ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. ඉදිරි 2021-22 තරගවාරය වෙනුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායක ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ වනවිට එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.

තමාගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සනත් ජයසූරිය පවසා සිටියේ, මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි. එමෙන්ම එළබෙන තරග වාරයේ ශූරතාව දිනාගැනීමට බලාපොරොත්තු වන බවයි.

“මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ එළඹෙන 2021/2022 තරගවාරයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. ඒ වගේම සෑම ක්‍රීඩකයෙකු සමඟම ඉතා සුහඳව කටයුතු කිරීමටත්, එළඹෙන තරග වාරයේ සියලු සාර්ථකත්වයන් ක්‍රීඩා සමාජය වෙත ඒමටත් බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.

“මෙය ඉතා සතුටුදායක අවස්ථාවක්. අපි ජයසූරිය සමඟ කලක සිට සාකච්ඡා පවත්වා සිටියා. ඩිල්ෂාන් අපට එහි දොර විවර කළා. එය අපට ලැබුණු ඉතා වටිනා අවස්ථාවක්. අපට සිදුවිය යුතුව තිබුණේ ඒ පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමයි. ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන් මොනවාදැයි දැන ගැනීමට අපේ තරුණ ක්‍රීඩකයන්ට මෙය හොඳ අවස්ථාවක් යැයි” මුල්ග්‍රේව් සභාපති මලින් පුල්ලෙනෙයිගම් මහතා සනත් ජයසූරියගේ එක්වීම සම්බන්දයෙන් පැවසීය.

මේ වනවිට 51 වැනි විය පසුකරමින් සිටින සනත් ජයසූරිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110කට, එක්දින තරග 445කට සහ විස්සයි20 තරග 31කට ක්‍රීඩා කර ඇත. එහිදී ඔහු ජාත්‍යන්තර ලකුණු 21,032ක් රැස්කර ඇති අතර, ඊට ශතක 42ක් හා අර්ධ ශතක 103ක් ඇතුළත්ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?