සනතුත් ඔස්ට්‍රේලියාවට යයි

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට බිහිවූ විශිෂ්ටතම ප්‍රහාරාත්මක පිතිකරුවා ලෙස සැලකෙන හිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ (Mulgrave Cricket Club) ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. ඉදිරි 2021-22 තරගවාරය වෙනුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායක ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ වනවිට එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.

තමාගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සනත් ජයසූරිය පවසා සිටියේ, මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි. එමෙන්ම එළබෙන තරග වාරයේ ශූරතාව දිනාගැනීමට බලාපොරොත්තු වන බවයි.

“මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ එළඹෙන 2021/2022 තරගවාරයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. ඒ වගේම සෑම ක්‍රීඩකයෙකු සමඟම ඉතා සුහඳව කටයුතු කිරීමටත්, එළඹෙන තරග වාරයේ සියලු සාර්ථකත්වයන් ක්‍රීඩා සමාජය වෙත ඒමටත් බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.

“මෙය ඉතා සතුටුදායක අවස්ථාවක්. අපි ජයසූරිය සමඟ කලක සිට සාකච්ඡා පවත්වා සිටියා. ඩිල්ෂාන් අපට එහි දොර විවර කළා. එය අපට ලැබුණු ඉතා වටිනා අවස්ථාවක්. අපට සිදුවිය යුතුව තිබුණේ ඒ පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමයි. ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන් මොනවාදැයි දැන ගැනීමට අපේ තරුණ ක්‍රීඩකයන්ට මෙය හොඳ අවස්ථාවක් යැයි” මුල්ග්‍රේව් සභාපති මලින් පුල්ලෙනෙයිගම් මහතා සනත් ජයසූරියගේ එක්වීම සම්බන්දයෙන් පැවසීය.

මේ වනවිට 51 වැනි විය පසුකරමින් සිටින සනත් ජයසූරිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110කට, එක්දින තරග 445කට සහ විස්සයි20 තරග 31කට ක්‍රීඩා කර ඇත. එහිදී ඔහු ජාත්‍යන්තර ලකුණු 21,032ක් රැස්කර ඇති අතර, ඊට ශතක 42ක් හා අර්ධ ශතක 103ක් ඇතුළත්ව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18