ලංකා සතොස හෙට(24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සුදු සීනි මිල රුපියල් 9කින්, තිරිඟු පිටි මිල රුපියල් 14කින්, සුදු ලූනු මිල රුපියල් 30කින් සහ ලොකු ලූනු මිල රුපියල් 43කින් පහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට ඔබට මිලදී ගත හැක.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
13
1
9
3
8
4
6