සංගීත කණ්ඩායමක් රැගත් වෑන් රථයක් අනතුරකට ලක්වෙයි

සංගීත කණ්ඩායමක් ගමන් ගත් වෑන් රථයක් අද (17) අලුයම පොළොන්නරුව, ඕනෑගම, 06 ඇළ ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, පොළොන්නරුව, මැදමළුව ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී සංගීත කණ්ඩායම මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

පොළොන්නරුව ‘ඉෆෙක්ට් සංගීත’ කණ්ඩායම රැගත් වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.