ශාන් පුතාගේ විදෙස් ගමන් තහනම ඔක්තෝම්බර් 31 තෙක් ඉවත් කෙරේ

‘ශාන් පුතා’ නමැත්තාට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පනවා ඇති විදෙස් ගමන් තහනම යළිත් වතාවක් ඉවත් කර දෙන ලෙස කළ ඉල්ලීම පිළිගත් මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා 2025 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා කාලයකට විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතා විසින් ගොනු කරන ලද මෝසමක් මාර්ගයෙන් බීආර්1628/25 දරණ නඩුව සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ ශාන් පුතාට විදෙස් ප්‍රසංග සඳහා විදෙස්ගත වීමට ඇති බැවින් ඒ සඳහා අධිකරණයේ අවධානය යොමු කර එම තහනම ඉවත් කර දෙන මෙන් ඉල්ලා සිටි බවයි.

ශාන් පුතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතා සමඟ නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ මහතා පෙනී සිටියා.

ඒ අනුව එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ශාන් පුතාගේ විදේශ ගමන් තහනම මැයි මස 16 දින සිට ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා අවලංගු කරන බවත්, ඒ බව ෆැක්ස් මඟින් ආගමන විගමන පාලක වෙත දන්වා යවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44