මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා මෙරට ආරක්ෂාවත් තරකෙරේ

ගෝලීය වශයෙන් උද්ගත වී ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් මෙරට ආරක්ෂාවට හා සාමය පවත්වා ගෙන යාමට බාධා වන සිදුවීම් වැළැක්වීම සඳහා පොලිස්පතිතුමා විසින් සියළු පොලිස් ස්ථාන දැනුවත් කරමින් අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, එම නිල නිවාස හා එම ආයතනවලට සම්බන්ධ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමත්, නැවත දැනුම් දෙනතුරු මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසටත් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙරට සංචාරයේ නියුතු හා රැඳී සිටින විදෙස් ජාතිකයන්ගේ / ඔවුන්ගේ දේපළ සහ රැඳී සිටින වාසස්ථානයන්හි ආරක්ෂාව ව්‍යාපාරික ස්ථාන, සංචාරක ස්ථාන / ගමනාන්ත හා නේවාසික ගොඩනැගිලි, ආගමික මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන් / දේපළ වල ආරක්ෂාවද තහවුරු කිරීම සඳහා පැය 24 ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ත්‍රිවිධ හමුදා සහාය අවශ්‍ය වේ නම් ඒ සඳහා ද පියවර ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇති බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45