ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා

ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන්ට යාමට අවස්ථාව ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ එම රැකියා සඳහා වන අයදුම්පත් එහි නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හරහා ලබාගත හැකි බවයි.

අදාළ ලිපි ලේඛන සහ සහතික සහිත පුරවන ලද අයදුම්පත් හෙට (02) පස්වරු 04.30 හෝ ඊට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබීමට සැලැස්විය යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර ජපානය සඳහා වීසා අයදුම් කර ප්‍රතික්ෂේප වී ඇති අයදුම්කරුවන් මේ සඳහා අයදුම් කිරීමෙන් වළකින ලෙසටයි කාර්යාංශය දැනුම් දෙන්නේ.

පුරවන ලද අයදුම්පත් කාර්යාංශයේ නිල විද්‍යුත් ලිපිනය වන [email protected] හරහා භාරදිය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ක්ෂණික ඇමතුම් අංකය වන 0112 789367 ඇමතීමෙන් ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54