spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා

ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන්ට යාමට අවස්ථාව ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ එම රැකියා සඳහා වන අයදුම්පත් එහි නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හරහා ලබාගත හැකි බවයි.

අදාළ ලිපි ලේඛන සහ සහතික සහිත පුරවන ලද අයදුම්පත් හෙට (02) පස්වරු 04.30 හෝ ඊට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබීමට සැලැස්විය යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර ජපානය සඳහා වීසා අයදුම් කර ප්‍රතික්ෂේප වී ඇති අයදුම්කරුවන් මේ සඳහා අයදුම් කිරීමෙන් වළකින ලෙසටයි කාර්යාංශය දැනුම් දෙන්නේ.

පුරවන ලද අයදුම්පත් කාර්යාංශයේ නිල විද්‍යුත් ලිපිනය වන [email protected] හරහා භාරදිය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ක්ෂණික ඇමතුම් අංකය වන 0112 789367 ඇමතීමෙන් ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?