ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධාන රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වෙනි මාණ්ඩලික ප්‍රධාන ලෙස ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම අද (2026 අගෝස්තු මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරී භාර ගනු ලැබුවා.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී රාජකාරී භාරගත් එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස සේවය කළා..