ශ්රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද (07) දහවල් සිදුවුණා.
ඒ, කොළඹ පිහිටි අගරදගුරු නිල නිවෙසේ දීයි.
විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වූ රජයේ යෝජනාව සම්බන්ධයෙන් සිය සංගමයේ ස්ථාවරය පිළිබඳව කාදිනල් හිමිපාණන්ව මෙහිදී දැනුම්වත් කළ බවයි ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසුවේ.













