මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා ලැබුණු යෝජනා සමාලෝචනයට විශේෂඥ මණ්ඩලයක්

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර, වාර්තාවක් සකස් කිරීම සඳහා මැතිවරණ සම්බන්ධ නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් විශේෂඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

ඒ මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.
අබයරත්නගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදීයි.

එහිදී 2004, 2007 සහ 2022 වසරවල පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා මෙන්ම පුද්ගලයන් හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් පදනම් කර ගනිමින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමය සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම, සුළු පක්ෂ හා සුළුතර කණ්ඩායම්වල නියෝජනය තහවුරු කිරීම, කාන්තා නියෝජනය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු යෝජනා පිළිබඳව අවධානය යොමු වුණා.

එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව ද සලකා බැලුණු අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිපාදන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

කාරක සභාව විසින් පත් කළ විශේෂඥ මණ්ඩලය මඟින් ලැබී ඇති යෝජනා 31 සහ පූර්ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා විශ්ලේෂණය කර ප්‍රායෝගික නිර්දේශ සහිත වාර්තාවක් සකස් කිරීමට නියමිත අතර, එම නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීමට කාරක සභාව තීරණය කළා.

මෙම රැස්වීමට කාරක සභා සාමාජික අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, රුවන්තිලක ජයකොඩි සහ කදිරවේලු ෂන්මුගම් කුගදාසන් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11